ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති


 

(ශාන්ත රත්නායක)

ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ  කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.

වසර 23 ක් පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.

ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළහ.