ගුරුවරුන්ට එන්නත්


(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ අද උදේ ආරම්භ කෙරිණ.

මෙම වැඩපිළිවෙල සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සියලු පාසල්වල සිටින අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ නව දහසකි.

මෙයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ට සහ සේවකයන්ටද සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇත.

(ඡායාරුපය: ශාන්ත රත්නායක)