ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි


(ටී.කේ.ජී.කපිල සහ මහින්ද නිශ්ශංක )

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා  ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැනින් , ඊට  එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි .

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය , මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි .

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව  නවතා දැමීමට පියවර ගෙන තිබේ .