ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා නිල ගුවන් යානය ලෙස භාවිතයට ගන්නේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යානයකි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පිරිවර රැගෙන ජපානය බලා ගමන් ආරම්භ කළ එම ගුවන් හමුදා යානය පැපුවා නිව්ගිනියාවේදී ඉන්ධන පුරවා ගැනීමට ගොඩබෑ අවස්ථාවේදී දෝෂය හටගත්තේය. එය යානයේ එක් තටුවක දෝෂයක් බව ද පැවැසෙයි.
වෙනත් ගුවන් යානයක් ද නොතිබුණු බැවින්, අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ සහායකයන් කීප දෙනකු පමණක් හොංකොං හරහා සාමාන්‍ය මගී ගුවන් යානයක මගීන් අතරේ අසුන්ගෙන ටෝකියෝ අගනුවර බලා ගිය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)