ගෙදරදීම ’කොවිඩ්-19’ පරීක්ෂා කළ හැකි උපකරණයක්


 

කඩිනමින් ප්‍රතිඵල ලබාදෙන, නිවසේදීම ‘කොවිඩ්-19’ වයිරසය ආසාදිත දැයි පරීක්ෂා කළ හැකි ක්ෂණික (රැපිඩ්) කොරෝනා වයිරස පරීක්ෂණ උපකරණයකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරය හිමි වී තිබේ.

නව කොරෝනා වයිරසයට එරෙහි සටනේ දී මෙම උපකරණය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ද විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපය ඇතුළත ඇමෙරිකාවේ බොහෝ දෙනකුට එන්නත ලැබෙන තත්ත්වයක් තුළ මෙම උපකරණය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම උපකරණයෙන් පරීක්ෂා කිරීමේදී ලබාගන්නා සාම්පල විද්‍යාගාර වෙත යැවීම අවශ්‍ය නොවන අතර වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව වයස අවුරුදු දෙකට වැඩි ඕනෑම අයකුට නිවසේදී මෙම පරීක්ෂණය කළ හැකි ය.

ඕස්ට්‍රේලියාවේ එලූම් සමාගම මෙම උපකරණය සංවර්ධනය කර තිබෙන අතර නව කොරෝනා වයිරසය පරීක්ෂා කිරීමේ එසේත් නැතිනම් වයිරස ආසාදිතයන් හඳුනාගැනීම ට අදාළව තවත් පරීක්ෂණ රැසක් කෙරෙමින් තිබේ.

ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරියේ හදිසි අනුමැතිය යටතේ මෙම උපකරණයට අවසර දී තිබෙන අතර ඇමෙරිකානු මුදලින් මෙම උපකරණයක් ඩොලර් 30ක් ( ශ්‍රී ලංකා රුපියල් 5,600ක මුදලකට ආසන්න වේ)  වන අතර ජනවාරි මාසයේ මුල් සතිය වන පළමු උපකරණ තොගය බෙදාහරින බව එලූම් සමාගම සඳහන් කරයි.

තවත් සමාගම් දෙකක් මේ වනවිටත් මෙවැනි උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා අත්හදා බැලීම් කරමින් සිටින බව ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

ඉකුත් නොවැම්බර් මාසයේදී ද ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය මෙවැනි උපකරණයකට හදිසි අනුමැතිය ලබාදුන් නමුත් එම උපකරණය භාවිත කිරීම සදහා වෛද්‍ය නිර්දේශය හා උපදෙස් අවශ්‍ය වේ. එම උපකරණයේ මිල ඇමෙරිකානු ඩොලර් 50ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 9,350ක්) වේ.

 

 


(‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි)

055