ගේට්ටුකරු නිරෝධායනයේ:දුම්රිය අනාරක්ෂිත ගමනේ


 

(සුමිත් ප්‍රේමතිලක)

වාද්දුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා සේවකයින් නිවෙස් වල නිරෝධායන කළ පිරිස අතර ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ රාජකාරි කරන සේවකයා ද නිවෙස්ගත කර කිරීමට හේතුවෙන්, එම හරස් මාර්ගය අනාරක්ෂිත වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

දුම්රියක් ධාවනය වන අවස්ථාවක එම ගේට්ටුව වසීමට මේ වන විට කිසිදු සේවකයකු නොමැත. දුම්රිය ගේට්ටුව ද විවෘතව ඇත.

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාර ගැනීම සහ නිවේදන කටයුතු සිදුකිරීම ඇතුළු කිසිදු සේවාවක් දුම්රිය ස්ථානය තුළ සිදු නොවන අතර , දුම්රිය මගීන්ට දුම්රියන්ට ගොඩවීමට සහ දුම්රියෙන් බැස පිටව යාමේ පහසුකම් පමණක් සලසා තිබේ.

එහෙත් විශාල වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ සේවකයකු අනිවාර්යෙන්ම යෙදවිය යුතු බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති .