ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි


(අංජුල මහික වීරරත්න)

හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැවසීය.

හොරකමින් එකතු කර ගත් වත්කම් යළි අය කර ගැනීමේ නීතිය පාර්ලිමේන්තුවේදී ලබන 8 වැනිදා  සම්මත කරගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා බොහෝ නඩු ගොනු කර තිබෙන බව කී ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රිෂ් නඩුවද එවැන්නක් බව සඳහන් කළේය.

මාතර බ්‍රවුන්ස් හිල් නඩුවද ඉතා ඉක්මනින් පැවරෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලකයන් ඥාතීන්ගේ නමට බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ගෙන තිබෙන අතර ඉඩම් මිලදී ගැනීම සඳහා සල්ලි සොයා ගත් ආකාරය ඔවුන්ට හෙළි කරන්නට බැරි වී තිබෙන බව කීය.