ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ


 (සුදත් එච්. එම්. හේවා )

අධිකරණ නියෝගක් මත කඩමින් සිටි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටිමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි දෙදෙනකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.

හැටන් දික්ඔය මාර්ගයේ ගාමිණිපුර  ප්‍රදේශයට යන මාර්ගයේ බෝක්කුවක් මත ඉදිකර ඇති මෙම සිවු මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට ලක් විමත් සමඟ එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට හැටන් දිසා අධිකරණය විසින් නියෝග කර තිබිණි. 

එම අධිකරණ තින්දුව මත එම ගොඩනැගිල්ල පසු ගිය 30 වැනි දින වන විට කඩා ඉවත් කිරිමට තින්දු වුවද එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිම තවත් මසකට කල් ගෙන තිබු අතර අද(14) එම ගොඩනැගිල්ල කඩා ඉවත් කරන අවස්ථාවේ එහි කොටසක් කඩා වැටිමෙන් මෙම අනතුඅර සිදු ඇත.