ගොවිබිම් කරා යෑමට කල්පිටියේ ගොවීන්ට අවසර


(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සියලු ගොවියන්ට, ඇදිරි නීතීය අතරතුරදී ගොවි බිම් කරා  ගොස් සිය දෛනික ගොවිපළ රාජකාරී කර ගැනීමට පොලිසියෙන් අවසර ලබා දී ඇතැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.ඒ.වීරසිංහ මහතා පවසයි.
 

කෙසේවෙතත් සමූහ වශයෙන් ඒකරාශී වී  වැඩ කිරීම සහ වෙනත් ප්‍රදේශවලින් කම්කරුවන් ගෙන්වා ගැනීම සපුරා තහනම් බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.
 
රතු ලූණු, මිරිස්, බීට්, වම්බටු වැනි කල්පිටියේ භෝගයන් සඳහා දෛනික ජල සැපයුම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගෙන ඇත.
 
උදේ 7.00 සිට 8.00 දක්වා ගොවිපළ කරා යෑමටත්, දහවල 12.30 සහ 1.00  අතර කාලය යළි නිවසට පැමිණීමටත්, අනතුරුව පස්වරුවේ 4.00-4.30ත් අතර යළි ගොවි බිම් කරා ගොස්, පස්වරු 6.00ට ආපසු නිවෙස් කරා පැමිණීම වශයෙනි.
 
මේ සේවා කාලයන් ගොවීන් හා පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබා දී ඇත.