ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී


(කේ.ඩි.දේවප්‍රිය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (15) රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවිය.

කතරගම කිරිවෙහෙර රාජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ ආගමික වතාවත් සිදුකළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලේ සියලු දෙනා එක්ව කතරගම කිරිවෙහෙර විහාරස්ථාන භූමියේදී  84000 ක පහන් ආලෝක පුජාවක් සහ විශේෂ බුද්ධ පුජාවක් පැවැත්වූහ.