චන්ද්‍රානි බණ්ඩාර වැඩ බාර ගනී


    
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය අද(24)  සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි එම අමාත්‍යාංශයේදී  නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තාය.

වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හා අමාත්‍යතුමියගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ළහිරු හර්ෂණ )