චන්දිමාල්ගේ මව, නැගණිය ඇතුළු හය දෙනාට ඇප (වීඩියෝ)


 (නිමන්ති රණසිංහ)

නිරෝධායන නීති කඩ කරමින් කොළඹ සුපිරි හෝටලයේ උපන්දින සාදයට සහභාගි වූ බව කියන තවත් සැකකරුවන් 07 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා අද නියෝග කළේය.

මෙම සැකකරුවන් අතර ජැක්ශන් ඇන්තනි මහතා ගේ දියණය වන මාධවී ඇන්තනි සහ ඇගේ ස්වාමි පුරුෂයා ද සිටිති.

මෙම සැකකරුවන් අතර සිටී රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව නිවෙස් නිරෝධනය සඳහා යොමු කරන ලෙසද අධිකරණය ලෙස ද අධිකරණය නියම කළේය.

මේ වන විට මෙම සිද්ධිය ට අදාළව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පහළොස් දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් නිරෝධයනය සඳහා යොමු කර තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)