වයඹදිග චීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. මියගිය ගණන 100 ඉක්මවා ඇතැයි එරට මාධ්‍ය පවසයි.
රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් සටහන් කළ මෙම භූමි කම්පාව හටගත්තේ රාත්‍රියේය. නිවාස ගණනාවක් සම්පූර්ණයෙන් බිමට සමතලා වී ඇත්තේ, නිදා සිටි පුද්ගලයන් සුන්බුන්වලට යට කරමිණි.
භූමි කම්පාවෙන් වැඩි බලපෑම් එල්ල වූයේ ගන්ෂූ පළාතටය.
සන්බුන් අතර සිරවුණු පිරිස් මුදා ගැනීම සහ තුවාලකරුවන්ට අවශ්‍ය පඦතිකාර දීම කඩිනම් කරන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් දී තිබේ.
(ඒ.එෆ්.පී.)