චීන විදේශ ඇමැති ඊශ්‍රායල-පලස්තීන නියෝජිතයන් හමුවෙයි


ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට චීනය මැදිහත් වී සිටින අතර, චීන විදේශ අමාත්‍ය වැංග් යී ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය එලී කොහෙන් සහ පලස්තීන පාලන අධිකාරියේ විදේශ අමාත්‍ය රිය්සදා අල් මලීකී සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට දේශසීමා හරහා එල්ලවුණු හමාස් ප්‍රහාරයෙන් පසු, පෙරළා පහර දීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය චීන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළාය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, තමන් දැඩි ලෙස කනගාටු වන බව ද චීන විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරියට පැවැසූ බව ද වාර්තා වේ.

හමාස් සටන්කාමීන්ගේ මතය ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ මතය නොවන බව පෙන්වා දෙමින්, පලස්තීන විදේශ අමාත්‍ය රියාද් අල් මලීකී ප්‍රකාශ කළේ පලස්තීනය සැමවිටම සාමයට කැමැත්ත පළ කරන බවය.