චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය කොළඹදී සමරයි


මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඊයේ(30) පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චන්ග් ෂුවේයුවෑන් යන මහත්වරුද ඊට එක්ව සිටියහ. 
 
(055)