චීනයෙන් බවුසර් 90 ක පරිත්‍යාගයක්


 

 

ආපදාවන්හිදී  ප්‍රයෝජනයට  ගැනීම සඳහා  චීන රජයෙන්  පරිත්‍යාගයක්  ලෙස ලැබුණු රුපියල් මිලියන  1000 ක  පමණ  වටිනාකමකින් යුතු බවුසර් රථ 90ක්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල  වෙත   කොළඹ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද  (05) පිරිනැමිණි.
 
 රාජ්‍ය  පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර  මහතා විසින්   මොණරාගල  දිස්ත්‍රික්  ලේකම් ඩී. එස්. පද්මකුලසූරිය, අම්පාර  දිසාපති  ඩී. එම්. සී. බණ්ඩාරනායක යන  මහත්වරුන් වෙත  සංකේතාත්මකව  අදාළ  ලිපිලේඛන  හා  යතුරු ප්‍රදානය කරන ලදී.
 
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්  ජේ. ජේ. රත්නසිරි, ඌව  පළාත් සභා මන්ත්‍රී   සම්පත්  ජයසූරිය,  ජාතික  ආපදා  සහන  සේවා  මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂක  චමින්ද  පතිරාජ  යන මහත්වරු ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට  සහභාගී  වූහ.
 
(ඡායාරූප    චතුර එස්. කොඩිකාර)