චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙෙනකු තුවාල ලබා තිබේ.
ඒ අතරින් වැඩි පිරිසක් හය හැවිරිදි වියේ පසුවන ළමුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අද පෙරවරු 8.30 ට පමණ මෙම පිහි ඇණුම එල්ල කර ඇති අතර සැකකරු ලී නැමති 50 හැවිරිදි අයෙකි.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල වේ.
පසුගිය වසරේ සිදු වූ මෙවැනි අනතුරකින් හුබේ පළාතේ සිසුන් 8 දෙනෙක් ජිවතක්ෂයට පත් වූහ.
ගිනිඅවි ලඟ තබා ගැනීම චීනයේ තහනම් කර ඇති අතර මෑත වසරවලදී තියුණු ආයුධ සම්බන්ධ සීමා ද දැඩි කර තිබේ.
(රොයිටර් ඇසුරෙනි)
-226-
චීනයේ පාසලක පිහි ඇනුමකින් 39 ක් තුවාල ලබති
Recommended Articles