(අංජුල මහික වීරරත්න)
චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙපාර්ශ්වය අතර ඇති කර ගනු ලබන සහයෝගීතාව මත චීන මාධ්‍ය සමූහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා ප්රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය වරයාඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.