(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ රුව සහ මනාපය අංකය සහිතව ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් ඉවත් කළැයි උරණව උප පොලිස් පරීක්ෂකවරයකුට බැන තර්ජනය කළ බව කියන කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.
මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් ප්‍රදේශයේ පුරා අලවා තිබූ පෝස්ටර් කොච්චිකඩේ පොලිසියට අනුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් ඉවත් කිරීමේ යෙදී සිටියදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයාගේ පෝස්ටර් ද ඉවත් කිරීමට කටයුතු යොදා ඇත
එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි අපේක්ෂයාගේ ආධාරකරුවකු ඒවා ඉවත් නොකරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයා ට පැවසූ ද ඔහු රාජකාරිය අකුරටම ඉටු කරමින් ඒවා ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
රාජකාරිය නිමාකර උපපොලිස් පරීක්ෂක වරයා පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව ස්ථානාධිපති ලෙස කටයුතු කරන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම පෝස්ටර් ඉවත් කිරීම සම්බන්ධයෙන් උරනව ඔහුට බැණ වැදී තර්ජනය කර තිබිණි