(ජේ.ඉඳුරුවගේ )
ඡන්ද විමසීමකින් පසු ඡන්ද බහාලූ පෙට්ටිම කිසිදු වෙනසක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ ශාලාවට ගෙනෙන්නේද යන්න පිළිබඳව සමහර පාර්ශවයන් තුළ පවතින සැක දුරු කිරීම සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පියවර කීපයක් ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙයින් එක් පියවරක් ලෙස ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ ශාලාව දක්වා වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි ගෙන එන වාහනය පිටුපසින් අඅපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට වාහනයකින් පැමිණීමට අවශ්‍යයැයි කරනු ලබන ඉල්ලීමකට ඉඩදීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.
තරග කරන සියලු මැතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් මෙලෙස වාහන යාම ප්‍රායෝගික නොවන බැවින් මේ සඳහා ඉල්ලීම් කර කලින් අවසර ලබා ගතයුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඊට අමතරව තවත් අවශ්‍යනම් එම අවසන් පොලිස් මුරපොළේ සිට ගණන් කිරීමේ ශාලාව පරිශ්‍රය දක්වා මග දෙපස ස්වකීය ගණන් කිරීමේ නියෝජිතයන් රැඳවීමට හැකියාව තිබෙන බවද එම කොමිෂන් සභාව පවසයි.
ඊට අමතරව මෙවර ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමේදී අහඹු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මන්ඩලයේ හා නියෝජිතයින් විසින් පිටපත් හයකින් යුතුව අත්සන් තැබූ ආකෘතියක මුල් පිටපත එහි අලවා එක් පිටපතක් ගණන් කිරීමේ ශාලාව වෙතද අනෙකුත් පිටපත් ඡන්ද පොළ නියෝජිතයන් වෙතද ලබා දෙන බවත් පෙර මැතිවරණවලදී මෙන් මෙවරත් ඡන්ද පත්‍රිකා බහාලූ පෙට්ටිය විනිවිද පෙනන බෑගයක දමා අගුළු දැමීම සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.