ඡන්ද විමසීම සාමකාමියි


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම  සමස්තයක් ලෙස බැලූ විට ඉතා  සාමකාමී බව පැෆරල්  සංවිධානය පවසයි.

යම් යම් සිද්ධීන් 35ක් වාර්තා වී ඇතත් ඒවා ඡන්දයට බලපාන ඒවා නොවන බව එම සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය

මැතිවරණ  නිරීක්ෂකයෝ හය දහසක් මැතිවරණය නිරීක්ෂණය කරති.

විදේශීය නිරීක්ෂකයෝ 116ක් ඊට ඇතුළත් වෙති.