ඡන්දෙට සියල්ල සූදානම්


 

 

 2024  හෙට (21) පැවැත්වෙන  ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස් කිරීම් සිදුවන අතර ජන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා යැවීමේ කටයුතුද අරඹා තිබේ.

දැඩි පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කාර්යයාලය සඳහන් කරයි .


බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 530 කට බදුල්ල මධ්‍ය මහ විදුහලේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී අද (20) ජන්ද පෙට්ටි නිකුත් කරමින් .

(තිලකරත්න දිසානායක)

 

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)


ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි වවුනියාව සෛවප්‍රකාශ මහ විද්‍යාලයෙන් මධ්‍යස්ථාන වෙත රැගෙනගිය අයුරු.

( සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)


ත්‍රිකුණාමල විපූලානන්ද මහා විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිට මෙම ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය පිටත්කර හැරිණි .

(අමදෝරැ අමරජීව)


පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨ පරිශ්‍රයෙන් ඡන්ද පෙට්ටි රැගත් වාහන පිටත්ව යනවිට නිලධාරීන් ඒවා පරීක්ෂා කළ ආකාරය.

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි සහ පානදුර සුමිත් පොතුපිටිය)


ජනාධිපතිවරණය වෙනුවෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 528 ක් සදහා ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරිම අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ දී ආරම්භ විය.

( ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)


මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ජන්ද මධ්‍යස්ථාන 383ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරිම අද (20)  මොනරාගල රාජකීය විද්‍යාල පරිශයේ සිට  සිදු කෙරිණි.

( අයි ආර් ඉන්දික)


මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 526 කට හිස් ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (20) උදෑසන මාතර රාහුල විද්‍යාලයීය ප්‍රධාන ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


( ෂේන් සෙනෙවිරත්න)


ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථාන 636ක් සදහා ජන්ද පත්‍රිකා සහ ජන්ද පෙට්ටි නිකුත් කිරිම අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතාගේ අධික්ෂණය යටතේ අද (20) අනුරාධපුර මධ්‍ය විදුහලේ පිහිටි ප්‍රධාන ජන්ද මෙහෙයුම් මධ්‍යස්ථානයේදි සිදුකෙරුණි.

(දයාරත්න ඇඹෝගම)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)