ජනතාවට ස්තූතියි


 

(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බව පැවසූ සභාපතිවරයා එය සතුටුදායක තත්වයක් බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් පසුවද  සාමකාමීව කටයුතු කරන්නැයි ඔහු  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්ද විමසීමෙන් පසුව සතියක් යනතුරුද  රැස්වීම් පෙළපාළි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොම්ෂන් සභාව පවසයි.