ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති


(ආරියරත්න රණබාහු )

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම්  වාර්තා  ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ  දක්වා  ඒවා  භාරදී ඇත්තේ  හතර දෙනකු පමණක් යැයි මැතිවරණ කොමිසම් සභාව පවසයි.

මෙවර  ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් අට දෙනකු ඉදිරිපත් වී තිබිණි .


වියදම් වාර්තා ලබාදී තිබූ අපේක්ෂකයන් සිව්දෙනා අතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරිමානගේ  සහ කේ ආනන්ද  කුලරත්න  යන අය වෙති.


මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන13වැනිදා ඒවා  බාර්දීමේ අවසන් දිනය වන අතර  ඉන්පසු භාරදෙන වාර්තා සම්බන්ධයෙන් නීති විරෝධී කිුයා යටතේ දඬුවම්  ලබා දිය හැකි බව පැවසේ.