ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම


(අංජුල මහික වීරරත්න)

 අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට  රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල  පරිශ්‍රයේ දී සිදු විය.

එලෙස  වාහන 19ක් නිදහස්  කෙරුණු අතර එයින් වාහන 15 ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාල ආයතන වල නිලධාරීන්  රැගෙන යනු ලැබීය.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 8ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 3ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 1 බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙලෙස අදාල  ආයතන වලට නැවත ලබාදීම සිදු විය. 

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ  මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.