ජනපති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය නිරීක්ෂණ චාරිකාවක


 


 
 
 
දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය නිරික්ෂණ චාරිකාවක ජනාධිපතිවරයා අද (20) නිරත විය.
 
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම  යන ගම්මානවල ක්‍රියාත්මක වේ.
 
අඩු පහසුකම් සහිත අඩු ආදායම්ලාභී ජනතාවක් ජීවත්වන එම ගම්මානය තුළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විමසා බැලීය.
 
පසුව ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්‍රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමඟ හමුවකට එක් විය. 
 
ප්‍රදේශයේ පෙර පාසල් දෙකක් සංවර්ධනය සඳහා සහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම එහිදී සිදු කෙරිණි.
 
(28535) 
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය