ජනපති මත් නිවාරණ වැඩසටහනේ දක්ෂතා දැක්වූ නිලධරයෝ අගයති


 

 

 

 

ඡායාරූප - ඉෂාන් සංජිව

 

මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීමට ලක් කරන ‘ජනපති ප්‍රශංසා සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

 
2015 ජනවාරි 14 වැනිදා සිට 2019 ජනවාරි 14 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු සංවිධානාත්මක අපරාධ මර්දනයට සක්‍රීයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1007 දෙනෙකු වෙත මෙහිදී පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමිණි. 
 
එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
 
ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(28535)