ජනපති මාලි රාජ්‍යයේ දී මියගිය රණවිරුවන්ගේ පවුලේ අය හමු වෙයි


(ඩබ්. ඒ. පියතිලක)
 
මාලි රාජ්‍යයේ  දී එක්සත්  ජාතීන්ගේ  සාම සාධක හමුදාවේ බළ ඇණිවලට එල්ල කළ  ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට  පත්වූ පුලස්තිපුර පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ නිවසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් සංවේගය ප්‍රකාශ කළේය.

එහිදි ජනාධිපතිවරයා දෙමාපියන් සමඟ මියගිය කපිතාන් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ අවමංග්‍ය කටයුතු සිදු කරන ආකාරය පිළිබද විමසීය.

තම පුතාගේ දේහය හැකි ඉක්මණට එම රටෙන් තමන් වෙත ලබා දීමට කටයුතු සිදුකර දෙන ලෙස එම මව්පිය දෙපළ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.