ජනපති මැදුර බලන්න මහා පිරිස්


(යොහාන් භාසුර)

අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තවදුරටත් රැකගැනීමට සහ දැකබලාගැනීමට ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිති.

කොළඹ ඊයේ රැය පහන් කළ තරුණ පිරිස ඇතුළු ජනතාව මේ වනවිට සිය ගම් බිම් බලා යමින් සිටින අතර ඒ හේතුවෙන් දුම්රියවල දැඩි තදබදයක් තවදුරටත් පවතී.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)