සෑම මහවැලි ජනපදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී සිදු කෙරිණි.
එයට සමගාමීව 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්රදානය කිරීමක් ද එහිදී සිදුවිය.
මීට අමතරව විහාරස්ථාන සඳහා පූජාභූමි ඔප්පු ප්රදානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ඉඩම් පැවරීමේ සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රියානි විජේවික්‍රම, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය