ජනපති හදිසියේම දෙමටගොඩ දුම්රිය අංගනයට


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ දුම්රිය ධාවන බල අංගනයට අද පෙරවරුවේ හදිසියේම පැමිණියේය.

එම අංගනයට හදිසියේම පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මේ සංචාරයට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.

ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක පසුගිය 11 වැනිදා නිරත විය