ජනපතිගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්


(අංජුල මහික වීරරත්න)

අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළට  පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

එම ඉඩම තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට භාවිත කරන ලෙස ද ජනපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල සඳහන් වෙි.

ජනාධිපතිවරයා අඹේවෙල  ගොවිපොළේ කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දුන්නේ ය.