ජනපතිට ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය


(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව විසින් ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය අද (2) පස්වරුවේ පිරිනැමීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසනාවේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරයේදී පැවැති ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යමහෝත්සවයේදී මෙම ගෞරව නාමය පිරිනැමීය.