ජනහඬ උද්ඝෝෂණය


(ඡායාරූප - ඉෂාන් සංජීව) 

 

(අංජුල මහීක වීරරත්න)

 

"යුක්තියේ ජනහඬ" මහජන උද්ඝෝෂණය දස දහස් සංඛ්‍යාත විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කොල්ලූපිටියේ දී අද (30) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

‘ජනවරමට ගරු කරනු, පාර්ලිමේන්තුව වහා කැඳවනු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු’ යන තේමාව මුල් කරගෙන පැවති මෙම මහජන උද්ඝෝෂණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලූම නායකයෝ ද වාමාංශික පක්ෂවල නායකයෝද සහභාගී වූහ.

උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලූම පළාත්වලින් පැමිණි ජනතාව අද (30) පෙරවරුවේ සිට කොළඹ අරලියගහ මන්දිරයට ඒකරාශි වූ අතර පස්වරු 1.00 පමණ කොල්ලූපිටියේ ලිබර්ටි වටරවුම අසලට එක් රොක් වූහ.

යුක්තියේ ජනහඬ උද්ඝෝෂණයට පැමිණි අති විශාල ජනකාය හේතුවෙන් අරලියගහ මන්දිරය, ලිබර්ටි වටරවුම ඇතුළු සියලූම මාර්ග එකම හිස් ගොඩක් ලෙස දර්ශනය විය. ඉතා උද්යෝගයෙන් යුතුව ජනතාව උද්ඝෝෂණයට සහභාගි වී සිටින අයුරු දැකගත හැකි විය.