ජලජිවී වගා සංවර්ධනයේ කම්කරුවෝ ටැංකියක නැඟී විරෝධතාවයක


අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කර

 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ශ‍්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ ජල ටැංකියක් මත නැගී පෞද්ගලික ආයතනයක් හරහා එහි කම්කරුවන් ලෙස සේවය කළ 17 දෙනෙකු අද (2) විරෝධතාවක් ඇරඹුහ.

විරෝධතාකරුවන් විවිධ පාඨ ලියූ පුවරු ප‍්‍රදර්ශනය කරමින් අඩි 25 ක් පමණ උස ජල ටැංකිය මත සිටින අතර එම භූමියට ඇතුළු වීමට පිටස්තරයන්ට අවසර නොලැබිණි.

වසර තුන, වසර දෙක හමාර සහ වසර බැගින් වූ කාල සීමාවක් තිස්සේ මෙම පිරිස් ශ‍්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ කම්කරුවන් ලෙස මොවුන් සේවය කර ඇත.

එම මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකත් තුනත් අතර දුරින් පදිංචි අවුරුදු 19ත් 38ත් අතර වයසේ පසුවන්නෝ මෙම විරෝධතාවයට එක්ව සිටිති.