ජලයේ බැස සෝමාවති සෑය වඳින බැතිමත්හු


(ක.ග. කරුණාරත්න)

මහවැසි හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම අඩි 7ක් පමණ ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
 
සෝමාවති සෑ මළුව අඩි 3ක පමණ ජලයෙන් යටවී ඇති බවද, සංඝාවාස ඇතුළු සියලු ගොඩනැගිලි අඩි 4කට වඩා වැඩි මට්ටමකින් ජලයෙන් යටවී ඇති බවද විහාරවාසී හිමිවරු පැවසූහ.
 
සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කෙරෙන බුද්ධ පූජා, ගිලන්පස පූජා ආදී ආගමික වතාවත් නොකඩවා සිදුකරන බවද, බෝට්ටුවක ආධාරයෙන් එම පූජා භාණ්ඩ චෛත්‍යය වෙත වැඩම කරවන බවද හිමිවරු සඳහන් කළහ.