ජලාශ ප්‍රදේශවලට දෙවැනි දිනටත් කෘතිම වැසි


(රංජිත් රාජපක්ෂ)

                      කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කළ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතියේ දෙවන දින කාසල්රී ජලාශ ජල පෝෂක ප්‍රදේශයේදී අද (23) ක්‍රියාවට නැංවීය.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ඊයේ (22) ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කළේය.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරීමේ පේටන් බලපත්‍රය හිමි සමාගමක් මෙම කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වල දින 14  පුරා සිදු කිරීමට නියමිතය.