ජවිපේ පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට කඩා පනිති


(අමදෝරු අමරජීව)

ඉන්දියාවට  බදු දුන් බව කියන ත්‍රිකුණාමලයේ චීනවරායේ පිහිටි  තෙල් ටැංකි  සංකීර්ණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ‘‘ජාතික සම්පත් විකිනීමට එරෙහි  ක්‍රියකාරීහු පිරිසක් අද පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළු වූහ.

ඉන්දීය තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශ බාධා කිරීම් මධ්‍යයේ බලහත්කාරයන් ඇතුල්වෙමින්  මෙම ටැංකි ලංකාවට පවරාගෙන ඇත්නම් පුරවැසියන් ලෙස එය දැක බලාගැනීමට අයිතියක් ඇති බව මෙම ක්‍රියාකාරිහු පෙන්වා දුන්හ.