ජාත්‍යන්තර පාසල් කඩ බිහිවෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොඳ ජාත්‍යන්තර පාසල් අතර ජාත්‍යන්තර පාසල් කඩ බිහි වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇතැම් ජාත්‍යන්තර පාසල් කිසිම ප්‍රමිතියක් නැතිව පවත්වා ගෙන යන අවස්ථා තිබෙන බවද රාජකරුණා මහතා කීය.

"දරුවන්ගේ අධ්‍යාපනයේ පදනම වන්නේ පෙර පාසල්.නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා දැයි ප්‍රශ්නයක් තිබෙනවා.එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ දී සියල්ලන්ම අවධානය යොමු කරන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්.එයින් දරුවන්ට අවස්ථාවක් ලැබෙන බව ඇත්ත.නමුත් ඔවුන් මේ කුඩා වයසේදී ලොකු පීඩනයකට පත් වෙනවා.බාලාංශයේ දරුවනුත් අමතර පන්ති වලට යවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.