ජාතික කම්කරු නීති සමුළුව ඇරඹේ


ශාන්ත රත්නායක

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 

අද(26) සහ හෙට(27) යන දෙදින තුළ කම්කරු නීති සම්මේලනය පැවැත්වේ. නීතීඥවරු ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු ද, අධිකරණ නිලධාරීහු ද, සිවිල් සමාජ ක්‍රියකාරීහු ද, ව්‍යාපාරිකයෝ සහ රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීහු ද මේ සඳහා සහභාගී වෙති.

මානව හිමිකම්, කම්කරු නීතිය, ලෝක ආර්ථික ප්‍රවණතා, දේශීය හා විදේශීය, කම්කරු නීති තත්වයන් පිළිබඳව සම්මේලනයේදී අවධානයට ලක් වෙයි.

මෙහි සාරම්භක අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඇතුළු නීතිඥයෝද  විශ්ව විද්‍යාල ආචාර්යවරු ද, අධිකරණ නිලධාරීහු ද එක්ව සිටියහ.