ජාතික ගමනාගමන කොමිසමේ සභාපති අස්වෙයි


(යොහාන් භාසුර)

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ බන්දුර දිලීප විතාරණ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙස ද කටයුතු කරයි.

බිමල් රත්නායක මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යශයේ විෂය පථයට ඇතුළත් ආයතනවල සභාපති ධුරයෙන් ඉවත්වූ තෙවැනි නිලධාරියා බන්දුර දිලීප විතාරණ මහතා බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන මහත්වරු මීට පෙර ඉවත්වූහ.

මෙම ඉවත්වවීම පිළිබඳව දැනගැනීමට ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත ද ඒ මහතා වෙනත් වැඩක සිටින්නේ යැයි පවසා සම්බන්ධතාව විසන්ධි කළේය.