ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්


(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 2017 – 2018 ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

එහිදී 2017 – 2018 වසර දෙකේදීම සෞඛ්‍ය අංශය වෙනුවෙන් ජාතික තත්ත්ව සම්මානය අම්පාර මහ රෝහලට හිමිවිය.

අනෙක් සම්මාන දිනාගත් ආයතන අතර සී.බී.එල්.ෆුඩ් (පෞද්ගලික) සමාගම ඇට්ලස් අක්ස්ලියා (පෞද්ගලික) සමාගම සහ සිලෝන් බිස්කට් සමාගම ද වේ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)