(අංජුල මහික වීරරත්න)
ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳ පොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම හෝ එම කමිටුවේ කාර්යභාරය නිර්ණය කිරීම සිදු කර නොමැත. ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන යෝජිත කාර්යය නිර්ණය අනුදේශ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී කාර්යය නිර්ණේය අනුදේශ සඳහාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීම සඳහාත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.