ජාතික රෝහල් සේවකයෝ පාරට බසිති


ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක  සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල  ඉදිරිපිටදී අද(17)   පැවැත්විණි.

අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් , දින 180 සම්පුරණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන  ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

මෙයට ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිටියහ.

(ඡායාරුපය: ශාන්ත රත්නායක)