ම
(ජේ.ඉඳුරුවගේ )
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්ර්රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී ඇති සුදුසුකම් ලත් තැනැත්තන් 527 කගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් හා හා ස්වාධීන කණ්ඩායම් දෙකක් විසින් මැතිවරණ නාම යෝජනා සමග මෙම ජාතික ලැයිස්තු නම් 527 ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දේශපාලන පක්ෂ මුලු දිවයිනෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන මෙලෙස ඉදිරිපත් කර ඇති තැනැත්තන් 527 අතරින් 29 දෙනෙකුට 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස පත් වීමට වරම් ලැබේ.