ජායාරූප ශිල්පිණියන්ට සම්මාන පිරිනැමේ


කොළඹ මහ නගර සභාව සහ ලෝක බැංකුව එක්ව ශ්‍රී ලංකා ශ්‍රම බලකාය  සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ඡායාරූප තරඟයෙන් ජයග්‍රහණය කළ ජායාරූප ශිල්පිණියන්  වෙත සම්මාන පිරිනැමීම කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේදී  අද (15) පැවැත්විණි.

මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති හර්ටිවින් ෂෙෆර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී වයස අවුරුදු 35 ට ඉහළ සහ වයස අවුරුදු 35 ට පහළ කාණ්ඩ දෙක යටතේ සම්මාන පිරිනැමුන අතර වයස අවුරුදු 35 ට ඉහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය අයේෂා බුලත්ගම,දෙවැනි ස්ථානය රංජනී පෙරේරා, තුන්වන  ස්ථානය ඉඳුනිල් උස්ගොඩආරච්චි යන මහත්මීන් හිමි කරගත් අතර  
වයස අවුරුදු 35ට අඩු කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය නයෝමී තෝමස්, දෙවැනි ස්ථානය සහන්යා පෙරේරා,තුන් වන ස්ථානය නෙත්මි රණසිංහ යන  මහත්මීන් හිමිකරගත් අතර නගරාධිපතිනිය විසින්  සම්මාන පිරිනැමීම සිදුකෙරිණි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර