ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට


(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුලමහික වීරත්න)

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය.

ඊට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් ඒ හා සම්බන්ධ සාකච්ඡාද ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.