ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කළ නොහැකි බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් අද (11) ප්‍රකාශ කළේය.
අත්‍යවශ්‍ය නොවන ජූනි මාසය වනතුරු විවෘත කිරීමට නොහැකි බවත් අනෙකුත් අංශ ජූලි මාසය වනතුරු විවෘත කිරීමට නොහැකි බවත් හෙතෙම කීය.
‘‘අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු, පාසල් විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් යනාදිය ජූනි මාසය වනතුරු විවෘත කරන්න බැහැ. විවෘත කළත් ඒ කරන්න වෙන්නේ කොන්දේසි සහිතව’’ යැයි ඩොමිනික් රාබ් කීය.
‘‘ජූලි 4 වැනිදා දක්වා අනෙකුත් අංශ කිසිවක් විවෘත කරන්න බැහැ. විවෘත කළොත් ජනතාව එකතු වෙනවා.
සමාජ දුරස්ථභාවය පවත්වාගන්න අමාරුයි. ඒ නිසා ජූලි 4 වැනිදා තෙක් කිසිවක් විවෘත කරන්න බැහැ. ජූලි 4 වැනිදා වනවිට හෝ ආර්ථික කටයුතු ආරම්භ කිරීම තමයි අපේ අරමුණ’’ යැයි ද ඔහු කීය.
055