(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ කාරණය ගැන සමස්තයක් ලෙස සලකා බැලිය යුතුයි.ජේ.ආර්, ප්‍රේමදාස,රනිල් ම්ලේච්ඡ පාලනය අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරා දැමුවා.අද කතා කෙරෙන්නේ එයින් එක් වධකාගාරයක් ගැන පමණයි. අද මෙතන අය ඒ ම්ලේච්ඡ පාලනය සාධාරණීකරණය කරනවා. අලුත් සමාජයක් ගැන හිතපු තරුණ තරුණියන් වධ දී මරපු වධකාගාර රාශියක් ගැන ඉතිහාසයක් මේ සමාජයේ තිබෙනවා. ජවිපෙ එදා තීරණ යුක්ති සහගත බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.