ජේ.ආර්ගේ 22 වැනි ගුණ සැමරේ


දිවංගත ජනාධිපති   ජේ.ආර්. ජයවර්ධන මහතාගේ  22 දෙවැනි  ගුණ සැමරුම  නිමිත්තෙන් සංවිධානය කළ මහා සංඝරත්නය  විෂයෙහි   සපිරිකර  සංඝගත  දක්ෂිණාවක්   කොළඹ   පිහිටි   ජේ.ආර්. ජයවර්ධන  මධ්‍යස්ථානයේ දී අද  (1) පැවැත්විණි.

 

එම අවස්ථාවට  වැඩම කළ  කොළඹ  හැව්ලොක්  පෙදෙස  අශෝකරාම විහාරාධිපති ගැටහැත්තේ  සෝභිත  හිමියන්  ඇතුළු මහා සංඝරත්නය  ආගමික වතාවත්  සිදු කෙරිණි.

 

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ  මුණුබුරන්  වන  අමිරිත්  ජයවර්ධන, ප්‍රදීප්  ජයවර්ධන, හිටපු අමාත්‍ය තිස්ස  අත්තනායක , ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ ලේකම්  ජනරාල්   කේ.ඩී.එන්. හේවගේ  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ .

 

ඡායාරූප   -  චතුර එස් .කොඩිකාර